තැපැල් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි

තැපැල් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි
2022.06.28  තැපැල් සේවකයින් විසින් ආරම්භකළ  වැඩවර්ජන තෙවන දිනටත් අද දින(30) දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.
 
ගැටළු සදහා විසදුම් ලබා දීම සදහා මේ වන තෙක් බලධාරීන්  වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නොමැති බවත්,  මෙම වැඩවර්ජන හේතුවෙන් තැපැල් සේවකයින් මෙන්ම, තැපැල් පාරිභෝගිකයින්ද බරපතළ පීඩාවක පත්ව ඇති බවත්,ඒ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.
 




 
 මෙම තත්ත්වය වළක්වා මේ අසීරු අවස්ථාවේ මහජන සේවා  යහපත් අයුරින් පවත්වා ගෙන යාම සඳහා සේවක ගැටළු සඳහා විසදුම් ලබා දී වහාම මෙම අර්බුදය අවසන් කිරීමට කටයුතු කරන ලෙස ගරු අමත්‍ය තුමන්,අමාත්‍යාංශ ලේකම් තුමන්ගෙන් මෙන්ම තැපැල් දෙපාර්මේන්තුවේ  බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියි.
 
කෙසේ වෙතත් ගැටළු සඳහා විසඳුම් ලබා දෙන තෙක් වෘත්තීය ක්‍රියා මාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කරයි.