අත්‍යාවශ්‍ය සේවාවක් වූ තැපෑල වර්ජනයේ

අත්‍යාවශ්‍ය සේවාවක් වූ තැපෑල වර්ජනයේ

තැපෑල අත්‍ය්‍යවශ්‍ය සේවාවක් කර තිබියදීත්, තැපෑලේ ගොඩගැසී ඇති විදේශ රටවල වල සිටි ලැබි ඇති බෙහෙත්, ආහාර වර්ග ඇතුළු පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බවත් එවා බෙදාහැරීම සඳහා දින තුනක් වැඩකර බෙදාහැරීම ප්‍රමාණවත් නොවන බවත් වැඩකිරීමට පැමිණිමට පහසුකම් සලසා හෝ වැඩකිරීම සඳහා පැමිණීමට හැකි අයට දිනපතා රැකියා කිරීමේ අවස්ථාව උදාකරන ලෙස ඉල්ලා මේ වන විට තැපැල් දෙපර්තමේන්තුව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ පැල් වෘත්තීය සමිතියේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩබිමට පවසා සිටී.

තැපෑලට ලැබෙන පාර්සල් හා ලැබෙන පාර්සල් බෙදාහැරීමෙන් විශාල ආදායමක් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන බවත් එම තත්ත්වය විනාශ කර එය පුද්ගලික අංශයට ලබාදීමේ රජය ගෙන යන කූට වැඩපිළිවෙළට විරෝධය දක්වා මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටීයේය.