විදුලිය බිඳවැටිම් හදන්න ඉන්ධන අර්බුදයෙන් බාධා

විදුලිය බිඳවැටිම් හදන්න ඉන්ධන අර්බුදයෙන් බාධා

විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය ලංකා විදුලිබල මණ්ඩලයටද අභියෝගයක්ව ඇත.  විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇත.

ඒ හේතුවෙන්, හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව කාරුණිකව දැනුම් දෙමු.