පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු

පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු
බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම නිසා හෙට (04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිඩ්ගුරටත් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා ද්න්නේ පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් පෞද්ගලික බස් රථ සඳහාද ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන ලෙස රජය මීට පෙර දැනුම් දී තිබුණද ප්‍රාදේශීය ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කිරීම නිසා බස් ධාවන කිරීමේ ගැටළු මතුවී තිබෙන බවයි.