හමුදා ක්‍රියාමාර්යක අනතුරක් ගැන රවි කුමුදෙස් කතානායකවරයාට දන්වයි

හමුදා ක්‍රියාමාර්යක අනතුරක් ගැන රවි කුමුදෙස් කතානායකවරයාට දන්වයි

අරගල කරුවන් බලහත්කාරයෙන් අරගල භූමියෙන් සහ ඊට අදාල ස්ථාන වලින් ඉවත් කිරීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් සැලසුම් කරමින් සිටන බව, නිල නොවන ආරංචි මාර්ග හරහා අප වෙත වාර්ථා වෙමින් පවතින බවත්, එසේ වුවහොත්, එය වනාහී ශ්‍රී ලංකාව තුල සිදුවිය හැකි දරුණුතම ඛේදවාචකයට අදාල ආරම්භය විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවී කුමුදේශ් මහතා කතානායකවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ,

අරගලය මර්ධනය කිරීමේ සැලසුම් සහ ව්‍යවස්ථානු පිළියම් ප්‍රමාද කිරීම

අරගල කරුවන් බලහත්කාරයෙන් අරගල භූමියෙන් සහ ඊට අදාල ස්ථාන වලින් ඉවත් කිරීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් සැලසුම් කරමින් සිටන බව, නිල නොවන ආරංචි මාර්ග හරහා අප වෙත වාර්ථා වෙමින් පවතී. එය එසේ වුවහොත්, එය වනාහී ශ්‍රී ලංකාව තුල සිදුවිය හැකි දරුණුතම ඛේදවාචකයට අදාල ආරම්භය විය හැකිය.

එවැනි තත්වයක් වලක්වා ගනිමින්, ව්‍යවස්ථාණු රාමුවෙහි සිට මේ මොහොතේ රට තුල පවතින අර්බුධය විසදා ගැනීම සදහා ඔබගෙන් අපේක්ෂිත නායකත්වය කඩිනමි ලැබෙන බවක් පෙනෙන්නට නැත.

එනයින් දරුණු ඛේදවාචකයකට රට තල්ලුවීමට ඉඩ නොහැර, පහත කරුණු ඉටු කර ගැනීමට ඔබගේ කඩිනම් මැදිහත් වීම ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

අ). වහාම පාර්ලිමේන්තුව කැදවීම

ආ). පාර්ලිමේන්තුවේ බහුතර සහාය ඇති අගමැතිවරයකු සිටින අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයකට බලය පැවරීම සඳහා සියලු ව්‍යවස්ථාපිත පියවර ගැනීම.

ඇ). අන්තර්වාර ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා තෙක්, කෙටි කාලයක් සඳහා, හැකි ඉක්මනින්, ජනාධිපති ධුරය භාර ගැනීම.

ඈ). තීරණාත්මක ආර්ථික ප්‍රශ්න විසඳීමට සහ මහ මැතිවරණය පැවැත්වෙන තෙක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහා අන්තර්වාර රජයේ කාලානුරූපී මාර්ග සිතියමක් සැකසීම.

ඉහත කරුණු ඉටු කිරීම සදහා ඔබ වෙත පැවරී ඇති ව්‍යවස්ථාණුකූල වගකීම කඩිනමින් ඉටු කරන ලෙසත්, ඔබ විසින් එම වගකීම ඉටු කිරීම ප්‍රමාදවීම හෝ දුර්වල නායකත්වයක් සැපයීම හේතුකොට ගනිමින්, ඇති විය හැකි භයනක බව තේරුම් ගනිමින් කටයිතු කරනු ඇතැයි අප උදක්ම අපේක්ෂා කරමු.

පිටපත්:

සියළුම පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන්