දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හදිසි ඇමතුම් අංකයක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හදිසි ඇමතුම් අංකයක්

දුම්රිය සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 1971 ලෙස හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.

එම අංකය ඇමතීම මගින් හදිසි අවස්ථාවකදී මගීන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එසේ ම මෙම අංකය ඇමතීම මගින් දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරීම, ගාස්තු පිළිබඳ තොරතුරු ඇතුලු දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගත හැකිය.