පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා තෝරන දිනය අදයි

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා තෝරන දිනය අදයි

පසුගිය ජුලි 09 දින රටතුල ඇතිවූ උද්ඝෝෂණ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ජනාධිපතිදූරය පුරප්පාඩු වීම හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම අද (20) දින  පෙරවරු 10.00 පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සහා රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක යන මහත්වරුන්ගේ නාමයෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම ජනාධිපතිවරයා තෝරා ලත්කර ගැනීම ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.