අද මැදියමේ සිට බස් ගාස්තු පහළට

අද මැදියමේ සිට බස් ගාස්තු පහළට
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවෙන බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අදාළ සංශෝධන ගාස්තු පිළිබඳව නිර්දේශ ඊයේ(18) දිනයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකළ බවයි.
 
එමෙන්ම ඉන්ධන මිල පහල දැමීම සමඟ අද මැදියමේ සිට බස් ගාස්තු අඩු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසම වෙත උපදෙස්ලබා දී තිබෙන බවත් සඳහන්.
 
එම තීරණයත් සමඟ නව සංශෝධිත බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.