පක්ෂ නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීමට මේ හොඳ අවස්ථාවක්

පක්ෂ නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීමට මේ හොඳ අවස්ථාවක්

හෙට අනුප්‍රාප්තික ජනපති පත් කිරීම රහස් ඡන්දයෙන් කිරීම ව්‍යවස්ථාමය අවශ්‍යතාවක්. මන්ත්‍රිවරුන්ට ඒ සඳහා තම හෘදයසාක්ෂිය අනුව ස්වාධීනව ඡන්දය භාවිත කිරීම අවශ්‍ය යැයි පිළිගැනුමක් ඇති බැවින්ය.

එම ව්‍යවස්ථාමය අවශ්‍යතාව නොතකා පක්ෂ නායකයින් තම මන්ත්‍රීවරුන් පක්ෂය වශයෙන් ඡන්දය දිය යුත්තේ කාටදැයි තීන්දුකර එය ප්‍රකාශයටද පත්කර ඇත.

එතැනින්ද ඔබ්බට ගොසින් ඡන්දය දුන්නේ කාටදැයි දැන ගැනීම සඳහා ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ජංගම දුරකතනයෙන් යොමු කරන මෙන්ද මන්ත්‍රීවරුන්ට දන්වා ඇතැයි දැන් වාර්තා වෙනවා.

මෙහෙව් දේශපාලන අමනයින්ගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද?

පක්ෂ නායකයින්ට කිව යුත්තේ ඔබේ තීන්දු ඔබේ පක්ෂ කාර්යාලයෙහි තියා ගන්න. පාර්ලිමේන්තුවේදී හෙට මන්ත්‍රීවරුන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ ඔවුන්ගේ පුද්ගලික තීන්දු අනුවයි. එය ඔවුන්ගේ ව්‍යවස්ථාමය අයිතිය.

kusal perera