ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා පොළොන්නරුව සුව සේවකයින් විරෝධතාවයක

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා පොළොන්නරුව සුව සේවකයින් විරෝධතාවයක

පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයනට ලබාදුන් ඉන්ධන නිසි ලෙස නොලැබුණැයි කියමින් සෞඛ්‍ය සේවකයෝ  පිරිසක් පොළොන්නරු පොලිසියට සහ කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට එරෙහිව ඊයේ(19) දිනයේ විරෝධතාවයක නිරත විය.

සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා දීමේදී පොලිසියෙන් සහ සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයන් සිදුකරන මෙම අසාධාරණයට එරෙහිව පොළොන්නරු මහරෝහලේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයන් පවසන්නේ තම සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් වෙන්කර ලද පෙට්‍රල් ලීටර් 2500ක් ප්‍රමාණයක් එම කළමනාකරු විසින් සොරා ගෙන තිබෙන බවත් තම සෞඛ්‍ය සේවාවන් නිසි පරිදි සේවයට යෑමට ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙසත් මෙහිදී විරෝධතාකරුවන් ඉල්ලීමක් කළහ.