ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණවලට දින නියම වෙයි

ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණවලට දින නියම වෙයි

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ - (සිංහල මාධ්‍ය) සම්බන්ධයෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ටී.බී වික්‍රමසිංහ මහතා විසින් මෙම නිවේදනය නිකුත්කොට තිබෙන අතර ගුරු අපේක්ෂාවෙන් සිටින ඔබට මේ නිවේදනය වැදගත්.


සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි..

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ - (සිංහල මාධ්‍ය) 

උක්ත බඳවා ගැනීම යටතේ වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මාර්ගගත ක්‍රමය මඟින් සිංහල මාධ්‍යයෙන් අයදුම්පත් ඉදිරිපත් කළ උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් සඳහා සුදුසුකම් පරීක්ෂාකිරීමේ සම්මුඛපරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ 2022.08.22 වන දින සිට වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අදාළ නාම ලේඛණ වරින් වර මෙම වෙබ් අඩවියේ (www.psc.nw.gov.lk) පළ කරනු ලැබේ. ඒ අනුව අයදුම්කරුවන් තමන්ට අදාළ දිනයේදී සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයට හා ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී විය යුතු බව දන්වමි.

 

2022/08/22 වන දින සම්මුඛ පරීක්ෂණය සඳහා අදාළ නාම ලේඛණය

 

පහත සඳහන් ලේඛනවල මුල් පිටපත් සහ ඡායා පිටපත් වෙන වෙනම සකස් කරගෙන ඡායා පිටපත්වල''මුල් පිටපතෙහි සත්‍ය පිටපතක් බවට සහතික කරමි."යනුවෙන් ඔබ විසින් ලියා අත්සන් තබා නියමිත දින සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙනවිට රැගෙන ආ යුතුය .

  1. උප්පැන්න සහතිකය
  2. ජාතික හැඳුනුම්පත
  3. උපාධි සහතිකය / ඩිප්ලෝමා සහතිකය (උපාධිය වලංගු වන දිනය පැහැදිලිව සඳහන් විය යුතුය)
  4. උපාධි ප්‍රතිඵලවලට අදාළ විස්තරාත්මක ලේඛනය(උපාධිය වලංගු වන දිනය පැහැදිලිව සඳහන් විය යුතුය)
  5. අ.පො.ස (සා/පෙළ) අධ්‍යාපන සහතිකය
  6. අ.පො.ස (උ/පෙළ) අධ්‍යාපන සහතිකය
  7. බඳවා ගැනීමේ නිවේදනයේ සඳහන් අමතර ලකුණු ලබා දීමට අදාළ සියලු සහතික
  8. උපාධිධාරී අභ්‍යාසලාභී බඳවා ගැනීමේ ලිපිය
  9. පුහුණුව සඳහා වැඩභාරගත් ලිපිය
  10. සංවර්ධන නිලධාරී ස්ථිර පත්වීම් ලිපිය
  11. ස්ථිර පත්වීම අනුව වැඩ භාරගත් ලිපිය
  12. ග්‍රාම නිලධාරී සහතිකය (අයදුම්කරුහට වයඹ පළාත තුළ වසර 03ක ස්ථීර පදිංචිය නොමැති අවස්ථාවල, කලත්‍රයාගේ පදිංචි සහතිකය හා විවාහ සහතිකය අයදුම්කරුගේ පදිංචි සහතිකය සමඟ ඉදිරිපත් කිරීම හෝ අයදුම්කරු වයඹ පළාත තුළම වෙනත් ග්‍රාම නිලධාරී වසමක පදිංචි වී සිටියේ නම්, අදාළ ග්‍රාම නිලධාරී වෙතින් ලබා ගත් ලිපියක් ද ග්‍රාම නිලධාරී සහතිකය සමග ඉදිරිපත් කිරීම මගින් හෝ වසර තුනක පදිංචිය සනාථ කළ හැකිය.)
  13. වර්තමාන සේවා ස්ථානයෙන් ලබා ගත් සේවා සහතිකය
  14. සහතිකවල සඳහන් නම්වල වෙනසක් ඇත්නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක්.

බඳවා ගැනීමේ නිවේදනයේ සඳහන් ලකුණු ලබා දීමට අදාළ සහතික කිසිවක් සම්මුඛ පරීක්ෂණයෙන් පසුව භාර නොගන්නා බැවින්, අදාළ සියලු සහතික සම්මුඛ පරීක්ෂණය අවස්ථාවේම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.

බඳවා ගැනීමේ නිවේදනයේ සඳහන් ආකාරයට ප්‍රායෝගික පරීක්ෂණයද, සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදීම පැවැත්වෙන අතර එහිදී,

  • අයදුම්කරු විසින් විනාඩි 10 කට නොඅඩු, තම විෂයට අදාලව හඳුනාගන්නා ලද මාතෘකාවක් යටතේ පාඩමක් ඉදිරිපත් කළ යුතුය.
  • මෙහිදී පරිගණක හා වෙනත් විද්‍යුත් මාධ්‍ය ආශ්‍රිත ඉදිරිපත් කිරීම් සඳහා පහසුකම් සැපයීමක් සිදු නොකරන අතර, සෑම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකටම White Board සපයනු ලැබේ.
  • අවශ්‍ය White board markers හා අනෙකුත් ද්‍රව්‍ය අපේක්ෂකයින් විසින් සපයාගත යුතුය.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේදී මෙම වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රකාශ පත්‍රය ද සම්පූර්ණ කර රැගෙන ආ යුතු බවද කාරුණිකව සලකන්න.

ටී.බී. වික්‍රමසිංහ,
ලේකම්,

වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව