රිජ්වේ ආර්යා ළමා රෝහලේත් ඖෂධ හිඟයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේත් ඖෂධ හිඟයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ 10% ක ඖෂධ හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ පවතින බවය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා වැඩිදුරටත් පැවසූවේ, ඖෂධ හිඟතාවය තිබුණ ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිම ආකාරයකින් ප්‍රතිකාර කටයුතු නතර කර නොමැති බවයි.