ඇඟලුම් කර්මාන්තයට කැමති පිරිසට විද්‍යාවේදී උපාධියක්

ඇඟලුම් කර්මාන්තයට කැමති පිරිසට විද්‍යාවේදී උපාධියක්

පළමු වරට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධ විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කර තිබේ.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පැවසුවේය.

මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමට සිසුන් 60ත් 100 ත් අතර පිරිසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇතැයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.