වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
වත්මන් ආර්ථික අර්බුදය සමඟ වතුකරයේ ජනතාව මුහුණු දී තිබෙන ජීවන ගැටළු සම්බන්ධයෙන් එම ප්‍රදේශ නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ සහ වතු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දිනයේ පැවැත්විණි.
 

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්,ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් පාර්ල්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්,එහි සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ යන මහත්වරු එක්ව සිටියහ.