සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සම්මත වෙයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සම්මත වෙයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

ඒ අනුව අදාළ පණතට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණි.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබූ අතර අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව එම විවාදය පවත්වනු ලැබීය.