රනිල් වැඩ්ඩෙක්නං වැඩ පිළිවෙල කියන්න

රනිල් වැඩ්ඩෙක්නං වැඩ පිළිවෙල කියන්න
  • විකුණාගෙන කන එකයි, උගස් තියන එකයි කසිප්පු වලට ඇබ්බැහි වෙච්ච ගමේ ගොඩේ මිනිස්සු කරන වැඩක් විතරයි

ආර්ථික අර්බුධයක් ආවාම තියෙන දෙයක් විකුණාගෙන කන එක හරි, උගස් තියලා අනාගත පරම්පරාවම අනාථ කරන එක, සාමාන්‍යයෙන් ගමක කසිප්පුවලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු පවා කරන දෙයක් මිස, වැඩ්ඩෙකුගේ ඉකොනොමික්ස් ප්‍රැක්ක්ටිස් එකක් නොවන බව, කොළඹ සේවාමුක්තබට ශ්‍රවණාගාරයේදී පැවිති රැස්වීමකදී, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කලේය.

රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකයේ වැඩ්ඩෙක් බව ප්‍රකට කිරීමට උත්සාහ දැරුවත්, ඔහුගේ මෙතෙක් ක්‍රියා කලාපය මගින් ඔහුගේ දැනුම රටේ ආර් ථික ප්‍රශ්ණය බේරා ගැනීමට ප්‍රමාණවත් නොමැති බව ප්‍රශ්ණ කරමින් තිබෙන බවත්, විකිනීම සහ ජයවර්ධන මමාගේ පරණ පොතේ තිබෙන කසිකබල් මර්ධන ක්‍රමය සහ බිය වැද්දවීම හැරුණු කොට වෙනත් නිර්මාණශීලි බවක් පෙනෙන්නට නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩි දුරටත් කථා කල ඒ මහතා, රටේ සෞඛ්‍ය ප්‍රශ්ණය විසදීමට සෞඛ්‍යසේවාවට ඖෂධ, ප්‍රතික්‍රීයක, ශල්‍ය උපකරණ නොමැතිව තිබියදී, ඒ වෙනුවට සීතා අරඹේපොලව එවා ඇති බවද කීය.

"දැන් සෞඛ්‍ය සේවාවට අඩුවෙලා තියෙන්නේ රාජ්‍ය ඇමති කෙනෙක්ද? සීතලා රාමලා එව්වා කියලා සෞඛ්‍ය සේවයේ වුවමණාවන් සම්පූර්ණ වෙනවාද? මොකක්ද සෞඛ්‍ය ගොඩ සීතාට, රනිල් දුන්න එසයින්මන්ට් එක. වැඩ්ඩෙක්නං රටවල් පාලනය කරන්නේ ඒ විදිහට. රටේ මිනිස්සුන්ට සියළු බර පටවලා, රාජ්‍ය ඇමතිවරු ඇමතිවරු, උප ඇමතිවරු, තව මදිනං උපදේශකයෝ, අධ්‍යක්ෂ ජනරාල්ලා පත් කරගෙන ඒ ගොල්ලන්ටත් ශෝක් ජීවිතයක් ගත කරන ක්‍රමයක් ආයෙත් හදාගෙන යනවා.

ඒ නිසා අපිට රනිල්ගේ ඉකොනොමික්ස් තියරිවල කිසිම වෙනසක් පේන්න නෑ. අපි අභියෝගයක් කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට, වැඩ්ඩෙක්නං වැඩපිළිවෙල රටට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව JR මාමාගේ කාලේ මර්ධනය සහ ගමේ කසිප්පු අංකල්ලාගේ විකිනීම සහ උගස් තැබීමේ ක්‍රරමයෙන් රටවල ගොඩ නගලා නැති බවත් අපි මතක් කරනවා."

"වරාය විකුණමුද, දියුණු කර ඩොලර් උපයමුද" යන තේමාව යටතේ වරාය සේවකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්ස්වීමේදී වරාය වෘත්තීය සමිති විසින් වරාය ගොඩනගමින් ඩොලර් ඉපයිය හැකි අංශ ගණනාවක් පිළිබවද කරුණු ඉදිරිපත් කලේය. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙණුවෙන් එහි සම කැදවුම්කරුවකු වන වසන්ත සමරසිංහ, ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ යන මහත්වරුන්ද එහිදී අදහස් පල කරන ලදී.