සාම්ප්‍රදායික නීති රීති පසෙකලා ඖෂධ සැපයීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න -සෞඛ්‍ය ඇමති නිලධාරීන්ට කියයි

සාම්ප්‍රදායික නීති රීති පසෙකලා ඖෂධ සැපයීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න -සෞඛ්‍ය ඇමති නිලධාරීන්ට කියයි

ජනතාවගේ ජීවිත අන් සියල්ලටම වඩා වටිනා බැවින් ඇතැම් සම්ප්‍රදායක නීති රීති ලිහිල් කරමින් ඔවුනට අවශ්‍ය ඖෂධ සැපයීම උදෙසා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමන් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා (12) දින එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබියදී ඖෂධ හිඟයක් ඇතිවුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගතයුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය සැපයුම් අංශය/රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව / රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව/ජාතික ඖෂධ නියාමන අධිකාරිය / ආසියානු සංවර්ධන බැංකුව/ ලෝක බැංකුව යන අංශයන්හි ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.