හැටෙන් විශ්‍රාම යාම රාජ්‍ය සේවකයින්ට පමණක්ද?

හැටෙන් විශ්‍රාම යාම රාජ්‍ය සේවකයින්ට පමණක්ද?

රජයේ සේවකයින් යනු මහජන මුදලින් මාසික වැටුප් ලබන සහ විශ්‍රාම වැටුප් හිමි රජයේ සේවකයින් ය.

සේවක අර්ථසාධකය හිමි රාජ්‍ය සංස්ථා සේවක සේවිකාවන් හා රජයේ විශ්ව විද්‍යාල ප්‍රජාව ඒ අනුව රාජ්‍ය සේවකයෝ නොවෙති. එනිසා අන්තර්වාර අයවැයෙන් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශ කළ වයස අවුරුදු 60 න් දෙසැම්බරයේ සිට සියලු රජයේ සේවකයින් විශ්‍රාම යායුතුය යන කැබිනට් තීන්දුවෙන් බැහැර වන්නේ අධිකරණ සේවය පමණි.

එහෙත් වයස අවුරුදු 60 පිරෙන මන්ත්‍රීවරුන් ඒ නීතිය අනුව ලබන දෙසැම්බර අවසානයේ සිට විශ්‍රාම යා යුතුය. ඔවුන් වැටුප් හා දීමනා ලබන්නේත් විශ්‍රාම වැටුප් ලබන්නේත් අනෙක් රජයේ සේවකයින් මෙන්ම මහජන මුදලින්ය.

එළෙස 60 පිරුණු විට විශ්‍රාම නොයන්නට නම්, ඔවුන්ට නීතිමය වශයෙන් ඇත්තේ එක තේරීමකි. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් විශ්‍රාම වැටුප අහෝසි කරගත යුතුය

කුසල් පෙරේරා