රජයේ සේවකයන්ට එතෙර මෙතෙර දෙකේම රැකියා අවස්ථාව

රජයේ සේවකයන්ට එතෙර මෙතෙර දෙකේම රැකියා අවස්ථාව

රාජ්‍ය නිලධාරීන්ට විදේශ රැකියාවක නිරතවීමට පමණක් නොව දේශීය වශයෙන් වෙනත් රැකියාවක හෝ කාර්යයක නිතරවීමට වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාන අමත්‍යංශය සඳහන් කරයි.

රජ්‍ය නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි එම වැටුප් රහිත නිවාඩු ලබාදෙන බව එම අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මාණ්ඩලකි  නොවන සේවාවන්වල රජ්‍ය නිලධාරීන්ට පමණක්  පරිවාස කාලය තුළදී වුවද එම නිවාඩු ලබාගත හැකි බව එම චක්‍රලේඛයේ සඳහන්  කර තිබේ.

වැටුප් රහිත නිවාඩු ගත කරන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට නියමිත සුදුසුකම් සපුරා තිබේ නම් එලෙස සේවයෙන් ඉල්ලා අස්වීමට අවසර හිමිවන බව ද  එම චක්‍රලේඛයේ සඳහන් වේ.

(ලංකාදීප)