පොලිස් නිලධාරින්ට විදේශ රැකියා සඳහා නිවාඩු හිමියි

පොලිස් නිලධාරින්ට විදේශ රැකියා සඳහා නිවාඩු හිමියි

විදෙස් ගතවීමට ලැබෙන අවුරුදු 5 ක නිවාඩුව පොලිස් නිලධාරීන්ටද හිමි වන අතර, ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව යනු ඇතැයි විශ්වාස කෙරේ.

එසේම දැනට පොලිස් සේවයේ 85000ක පිරිසක් සේවය කරන අතර, ඉදිරියේදී මෙසේ විදේශ රැකියා සඳහා පොලිස් නිලධාරින් විදේශ ගතවුවහොත් පොලිස් ස්ථානවල රාජකාරි සඳහා නිලධාරින්ගේ අඩුවීමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, පොලිස් නිලධාරීන්ගේ අඩුවක් සිදු නොවීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටී.