තරුණ වෘත්තීය සමිති නායකයින්ගේ පුහුණු සැසියක් (Photo)

තරුණ වෘත්තීය සමිති නායකයින්ගේ පුහුණු සැසියක් (Photo)

තැපැල්, ටෙලිකොම් සහ තොරතුරු තාක්ෂණ හා බැංකු (මුල්‍ය) අංශයේ වෘත්තීය සමිති වලින් සමන්විත තරුණ වෘත්තීය සමිති නායකත්වය සවිබල ගැන්වීමේ පුහුණු සැසියක් පසුගියදා කොළඹදී පවත්වන ලදි. මෙම වෘත්තීය සමිති තරුණ නායක/නායිකාවන් UNI ශ්‍රී ලංකා ගෝලීය වෘත්තීය සමිති සන්ධානය සමග අනුබද්ධිත වෘත්තීය සමිති තරුණ නායකත්වයෙන් ගොඩනඟා ගත් UNI SLAC සන්ධානයේ තරුණ සාමාජිකයින් වේ.

UNI SLAC තරුණ කණ්ඩායමට නව සාමාජිකයින් තෝරා ගැනීමේ අරමුණින් පවත්වන ලද මෙම තරුණ වෘත්තීය සමිති නායක/නායිකාවන් සවිබල ගැන්වීමේ පුහුණු සැසිය “නායකත්වය හා සන්නිවේදනය“ මාතෘකාව යටතේ පවත්වන ලදි. එම පුහුණු සැසිය, විශේෂ පුහුණුකරුවකු වන මංජුල ගජනායක මහතා විසින් මෙහෙයවන ලදි.

පුහුණු සැසිය අවසානයේදී,  නව සභාපතිවරයෙකු, ලේකම්වරයෙකු, භාණ්ඩාගාරිකවරයෙකු සහ නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කරගන්නා ලද අතර, මෙම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති, චන්න දිසානායක හා Media Protech සමිතියේ ලේකම්, හරිප්‍රිය හෙට්ටිආරච්චි යන මහත්වරුන් සහභාගි විය.

මෙම තරුණ වෘත්තීය සමිති නායකයින් සවිබල ගැන්වීමේ පුහුණු සැසිය, වැඩබිම හා වේලයිත්තලම් මාධ්‍ය සාමූහිකය විසින් සංවිධානය කරන ලදි.

එදින තේරී පත් වූ නිලධාරි මණ්ඩලය පහත සඳහන් පරිදි වේ.

නම

තරතුර

වෘත්තීය සමිතිය

කේ. නිතර්ශන්

සභාපති

UPTO

ප්‍රදීප් රාජපක්ෂ

උප සභාපති

SLPTSU

මාධවී කුලතුංග

ප්‍රධාන ලේකම්

CBEU

රශ්මි ඩයස්

උප ලේකම්

NPTWO

බුද්ධි ප්‍රභාත්

භාණ්ඩාගාරික

Media Pro-Tech

සුලක්ඛනා රාජපක්ෂ

උප භාණ්ඩාගාරික

FBOSL

අරුණ සම්පත්

කර්තෘ

Media Pro-Tech

මහීෂාන් දසනායක

සංවිධායක

UPTO

ලක්ෂාන් බෝගොඩ

සංවිධායක

CBEU