වනජීවී නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

වනජීවී නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

වනජීවී සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම වෘත්තීය සමිතිය ලෙස  දෙපාර්තමේන්තුවේ   සියළුම ක්ශේත්‍ර නිළධාරීන් නියෝජනය කරමින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් 23.09.2022 වන දින සිට ආරම්භ කිරීමට සමස්ථ ලංකා වනජීවී නියාමන නිළධාරින්ගේ සංගමය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වනජීවී  දෙපාර්තමේන්තුවෙහි ක්ෂේත්‍ර නිළධාරීන් හට අතිකාල වෙනුවෙන් ලබා දෙන දීමනාවට අදාලව පනවා ඇති දැඩි කොන්දේසි මාලාව, දීමනාවට සාධාරණ අයුරින් අඩු කරන ලෙස පරිපාලනයෙන් මින් පෙර ඉල්ලා සිටි අතර, එය මාස තුනක් ඇතුලත ඉටු කරන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුව වසර තුනක් ගත වුවද  දෙපාර්තමේන්තු පරිපාලනය විසින් ඉටු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත්ය.

එයට අමරතව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වන අලි පලවා හැරීම්, උද්‍යාන තුල සංචාරක කටයුතු සියල්ල පාහේ අඩපන වනු ඇති අතර, රක්ෂිත තුල සිදු වන අපරාධ සියල්ල දැඩි ලෙස ඉහළ යනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.