සමෘද්ධි නිලධාරිණියන්ගේ රාජකාරියට බාධා කළ අයෙකුට වැඩවරදියි

සමෘද්ධි නිලධාරිණියන්ගේ රාජකාරියට බාධා කළ අයෙකුට වැඩවරදියි
දිවුලපිටිය සමෘද්ධි බැංකුවේ නිලධාරිනියන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය විසින් නියෝග කර තිබේ.
 
පැමිණිලිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත්, බලපෑම් කළ බවට අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් වූවහොත් ඇප අවලංගු කරන බවට සැකකරුට ඇප නියම කරමින් අධිකරණය අවවාද කරනු ලැබ ඇතැයි අප වාර්තාකරු පවසයි.
 
මීගමු පාර දිවුලපිටිය යන ලිපිනයේ පදිංචි බුද්ධික චන්ද්‍රකුමාර නමැති සැකකරුට මෙසේ ඇප නියම කෙරුණි.
 
 සමෘද්ධි බැංකු නිලධාරිනියන් ණය වාරික ආපසු අය කර ගැනීමේ රාජකාරියේ යෙදී සිටියදී සැකකරු එම නිලධාරිනියන් දෙදෙනා ගේ රාජකාරියට බාධා වන අන්දමින් පරුෂ වචනයෙන් බැණ වැදී කටයුතු කර ඇති බවට අධිකරණයේ දී සඳහන් විය .