සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට තරඟ විභාගයක්

සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට තරඟ විභාගයක්

සංවර්ධන නිලධාරී ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්හි සේවය කරන උපාධිධාරින් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට තරඟ විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් එළඹෙන සතියේ කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) දින පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.