ගුරු සේවයේ පත්වීම් අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක්

ගුරු සේවයේ පත්වීම් අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක්

2018-19 වර්ෂවල සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන්ට දීප ව්‍යාප්ත මට්ටමින් තරඟ විභාගයක් පවත්වා ගුරුසේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

අය-වැය සම්බන්ධ දැනුවත් කිරීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී, මෙමගින් හිඟ ගුරු පුරප්පාඩු පිරවීමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.