වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම පිළිබඳ පරික්ෂණයට පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවක්

වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම පිළිබඳ පරික්ෂණයට පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ද පෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සිදුකරන ලද හෙළිදරව් කිරීම සහ ඒ මහතා විසින් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති වල පවතින අඩුපාඩු පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිරූපයට හානි වී ඇතැයි යන පදනම මත දැනට වැඩ තහනමට ලක්ව සිටින වෛද චමල් සංජීව මහතා ගේ වැඩ තහනම සම්බන්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් විශේෂ පෙත්සම් කාරක සභාවක් පත් කොට පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කොට ඇත.

දැනට වැඩ තහනමට ලක්ව සිටින wayada චමල් සංජීව මහතා තම වැඩ තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කොට ඇති අතර එම නඩුව ද විභාගය මේ වන විට ආරම්භ කොට ඇත.