හැට පැන්න 12000කට විශ්‍රාම ගැනීමට උනන්දුවක් නැහැ

හැට පැන්න 12000කට විශ්‍රාම ගැනීමට උනන්දුවක් නැහැ
  • පිරිසක් තවදුරටත් සේවයේ සිටීමේ අපේක්ෂාවෙන්

මෙම වසරේ දී අනිවාර්ය විශ්‍රාම යාමට නියමිත රාජ්‍ය සේවකයන් අතරින් දොළොස් දහසකගේ පමණ විශ්‍රාම ඇයැදුම්පත් අදාළ ආයතනවලින් මෙතෙක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර නැත.

මේ අතරින් යම් පිරිසක් තවදුරටත් සේවයේ සිටීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් විශ්‍රාම අයැදුම්පත් යොමු කර නොමැත්තේ ඒ අරමුනින් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. කෙසේ වුවද මෙම වසරේ විශ්‍රාම ගැන්වෙන කිසිදු සේවකයකුගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ නොකෙරෙන බවත් විශ්‍රාම අයැදුම්පත් යොමු කිරීම කල් දැමීමෙන් සිදු වන්නේ විශ්‍රාම හිමිකම් ලබා ගැනීම ප්‍රමාද වීම බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මේ දක්වා විශ්‍රාම ගොස් සිටින විසි දහසකගේ පමණ විශ්‍රාම පාරිතෝෂික දීමනා රුපියල් කෝටි දෙදහසක් පමණ ගෙවීම ප්‍රමාද වී තිබෙන අතර මෙවර විශ්‍රාම යන පිරිසත් සමග එම සංඛ්‍යාව දෙගුණයටත් අධික ප්‍රමාණයකින් වැඩි වනු ඇත.

මෙම වසර ඇතුළත පමණක් විශ්‍රාම පාරිතෝෂික දීමනා වශයෙන් රුපියල් කෝටි එක් දහස් අටසියයක් පමණ ගෙවා තිබෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් සඳහන් කළේය.

ඔබ තුළ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ද ප්‍රකාශ කළ අතර පසුගියදා පවුල් සෞඛ්‍ය කාර්යාංශය කළ හෙළිදරව් වලදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලේම මන්දපෝෂණ තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බව අනාවරණය විය. මේ බව පළමු වරට පසුගිය සැප්තැම්බර් මාසයේදී විද්වත් තිකාවතක් ලෙස අනාවරණය කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසිනි.

(අරුණ)