ඇඟලුම් සේවිකාවක මහ මගදී පැහැරගෙන ගිහින්

ඇඟලුම් සේවිකාවක මහ මගදී පැහැරගෙන ගිහින්
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 
 
34 වැනි වියෙහි පසුවූ එක් දරු මවක වූ ඇය සේවය නිමවා නිවසට පැමිණෙමින් සිටියදි ඇය ගමන්ගත් බසය නවතා මෙසේ පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි.
 
පැහැරගැනීමට පැමිණි මෝටර් රථයේ අංකය ව්‍යාජ එකක් බව ද, මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
 
 වල්ගම්මුල්ල ප්‍රදේශයේදී මෙම පැහැරගැනීම සිදුව ඇති අතර මේ වන විට ඇගේ ජංගම දුරකතනය ද විසන්ධි වී ඇතැයි කියැවෙයි.
 

නිට්ටඹුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.