ජනපතිගෙන් රජයේ සේවකයින්ට අවදානාත්මක නිවේදනයක්

ජනපතිගෙන් රජයේ සේවකයින්ට අවදානාත්මක නිවේදනයක්

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ,  රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිකර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවයි. 

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පසුගිය 15 වෙනි දින පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පළිහක් කර ගත යුත්තේ, ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බවත් , රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතු බවත් , ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.