ගුරු අපේක්ෂාවෙන් සිටින අයට 2023 වසර සුබයි -මෙන්න රජයේ අලුත් තීරණය

ගුරු අපේක්ෂාවෙන් සිටින අයට 2023 වසර සුබයි -මෙන්න රජයේ අලුත් තීරණය

පවත්නා පරිපාලන ව්‍යුහය තුළ ආසන්නයේ දී ම මුහුණ දෙන අභියෝගය ලෙස මෙම වර්ෂාවසානයේ සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ බොහෝ දෙනකු එක වර විශ්‍රාම යාමත් සමඟ අධ්‍යාපන පරිපාලන සේවයේ ගොඩගැසී පවතින පුරප්පාඩු 622, මෙම විශ්‍රාම යෑමත් සමග 800 දක්වා ඉහළ යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පවත්නා නඩු කටයුතු සමථකරණය මගින් විදුහල්පති පුරප්පාඩු 5800ක් පිරවීමටත් උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවාගැනීමෙන් හා නියමිත විද්‍යාපීඨ කණ්ඩායම් දෙකක 6000කට ගුරු පත්වීම් ලබා දීමෙන් පාසල් පද්ධතියට ලබන වසරේ දී ගුරුවරුන් 35,000ක් එක් කර ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

2023 වසරේ දී අධ්‍යාපන පරිවර්තන රැසක් සිදුකිරීමටත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳවද,   විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල, දරුවන්ට ප්‍රියමනාප ස්ථානයක් බවට පත් කිරීමටත්, පසුගිය මාස පහක කාලය තුළ තමන් බොහෝ අභියෝගාත්මක කාර්යයන් දියත් කළ බවත් රටෙහි පවත්නා ක්‍රමය වෙනස් කළ හැකි වන්නේ පරිවර්තනීය අධ්‍යාපන වෙනසකින් බවත් එහි පළමු අදියරේ මූලික කාර්යයන් මේ වන විට ක්‍රියාත්මක ව පවතින බවත් දීර්ඝ ලෙස විස්තර කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.