දේශීය ආදායම් බදු පනත ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මකයි

දේශීය ආදායම් බදු පනත ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මකයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ( 19 දින) සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

කථානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස මෙරට නීති පද්ධතියට එක්වීම සිදුවිය.