රාජ්‍ය සේවකයින්ගේ දීමනාවලට අදාලව චක්‍රලේඛ දෙකක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ගේ දීමනාවලට අදාලව චක්‍රලේඛ දෙකක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

එකී රාජ්‍ය ව්‍යාපාරයේ සේවකයන්ට හිමි නිවාඩු ගණනය කිරීමේ දී 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලය සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතු බවත් සඳහන්.

 එකී රාජ්‍ය ව්‍යාපාරය ප්‍රාග්ධන හෝ පුනරාවර්තන වියදම සදහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු අතර ගෙවීම් සදහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශය/අයබදු ගෙවා තිබිය යුතුය.

මෙම චක්‍රලේඛයේ විධිවිධාන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් 0112-484617 දුරකථන අංකය මගින් රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසිය හැකි බව එම චක්‍රලේඛයේ සදහන් වේ.

එම චක්‍රලේඛ පහතින්.

1