රථ වාහාන අනතුරු වැඩිවීමක් - දිනකට මරණ අටක්

රථ වාහාන අනතුරු වැඩිවීමක් - දිනකට මරණ අටක්

රිය අනතරු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එයින් වැඩිම මියයන  පිරිස යතුරුපැදිකරුවන් බව පොලිස් රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ (21) දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම යතුරු පැදි හෙල්මට් වල ප්‍රමිතිය ගැන පසුගියදා නිකුත්වූ නව ගැසට්ටුවෙන් වඩාත් දැඩිව අවධානයක් යොමු වී තිබෙන බවත,  ඒ අනුව ඉදිරියේදි  ප්‍රමිතිගත හෙල්මට් පමණක් වෙළදපොලට ලැබීම තහවුරු කල හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මත්ද්‍රව්‍ය භාවිත කර  මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයින්  හඳුනා ගැනීමට උපකරණ මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර,  ඒ අනුව මත් ද්‍රව්‍ය පාවිච්චි කර රිය ධාවනය කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ විශේෂ වැඩ පිලිවෙලක් පොලිස්පතිවරයාගේ නියමයෙන් නුදුරු දිනකදී ක්‍රියාත්මක කරන බවද සේනක ගමගේ මහතා පැවසීය.

දිනකට  ශ්‍රී ලංකාවේ මාර්ගවල රිය අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව  08ක් පමණ වේ. ඉන් 04ක් හෝ 05 ක් යතුරු පැදිකරුවන් බවද  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා වැඩි දුරටත් අනාවරණය කලේය.