ලියාපදිංචිය නැති ඖෂධවල වගකීම ගන්න සෞඛ්‍ය ඇමතිට බෑ - නියාමන අධිකාරියේ විශේෂඥයින්ගේ ඉන්දියන් විරෝධයත් ඖෂධ හිඟයට වග කිව යුතුයි

ලියාපදිංචිය නැති ඖෂධවල වගකීම ගන්න සෞඛ්‍ය ඇමතිට බෑ - නියාමන අධිකාරියේ විශේෂඥයින්ගේ ඉන්දියන් විරෝධයත් ඖෂධ හිඟයට වග කිව යුතුයි

ඖෂධ නියාමන අධිකාරීයට බලපෑම් කරන ඇතැම් විශේෂඥයින් ඉන්දියන් ඖෂධ විරෝධයක් නිර්මාණය කිරීමත්, සෞඛ්‍ය ඇමතිවරයා අනවශ්‍ය ඉන්දීය පක්ෂපාතීත්වයක් පෙන්වීම සාඳහා අධිකාරිය මෙහෙයවීමත්, රට තුල ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

ඖෂධවල තත්වය පිළිඳව වගකීම කිසිසේත්ම සෞඛ්‍ය ඇමතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර ගත නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම ඖෂධ නියාමන අධිකාරීයේ වගකීමකි.

කෙසේ නමුත් අධිකාරියේ තාක්ෂණික මතය හසුරවන ඇතැම් විශේෂඥයින්, තාක්ෂණික තීරණ වලට වඩා පෞද්ගලික තීරණ මත කටයුතුන් කිරීම හේතුවෙන්, අඩු මිලට ගත හැකි ඖෂධ හා ප්‍රතික්‍රීයක ලබා ගැනීමට භාධාවක් වී ඇත.

ලියාපදිංචිය නොකල ඖෂධයක වගකීම සෞඛ්‍ය ඇමතිවරයාට, අමාත්‍යාංශයට හෝ මොනම ආකාරයක විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට හෝ භාර ගත නොහැකි අතර, කල හැකිදේ වෙනුවට තම තමන්ට උවමනා දේ කරමින් පාර්ශව දෙකම සෞඛ්‍ය සේවාව අමාරුවේ දමමින් සිටින බව ඉතා පැහැදිළිය.

කෙටි කාලයක් ඇතුලත අවශ්‍ය ඖෂධ ලියාපදිංචි කරවීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය මෙහෙය වීම ඉතා පහසුවෙන් සිදු කල හැකිව තිබියදී, ලියාපදිංචි නොකල ඖෂධවල වගකීම භාර ගැනීමට යෑම පොට පටලවා ගැනීමකි. එසේම වෙළදපලේ පවතින ලියාපදිංචි නොවූ ඖෂධ ගණං හදමින් හුදු ඉන්දීය විරෝධයක් නිර්මාණය කිරීම වෙනුවට, ලියාපදිංචිය ඉල්ලුම් කරණු ලබන සමාගම් වලට අදාල සියළු ඖෂධ වල තත්වපාළණ පරීක්ෂණ කඩිනම් කර, තත්ත්වයෙන් බාල ඖෂධ තාක්ෂණිකව ප්‍රතික්ෂේප කිරිම අදාල විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඖෂධ නියාමන අධිකාරිය තුල වගකීමකි.

දෙපාර්ශවය විසින්ම තම වගකීම වෙනුවට අනෙකාට ඇඟිල්ල දිගුම් කරමින් සිටීම ඖෂධ මාෆියාවේම කොටසක් වන අතර, ලියාපදිංචිය නොකල හෝ ප්‍රතික්ෂේප කල ඖෂධ, ප්‍රතික්‍රීයක හෝ අනෙකුත් සෞඛ්‍ය සැපයුම් තත්වයෙන් බාල ඒවා ලෙස හංවඩු ගැසීමට කිසිවෙකුට අයිතිය නැතුවාසේම, ඒවා තත්වයෙන් උසස් ඒවා බවට සහතික ඉදිරිපත් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.

ravikumudesh photo

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය