බදු සංශෝධන නොකළහොත් මාර්තු 01 වැඩවර්ජනයක් - සමිති නායකයෝ රජයට අනතුරු අඟවයි

බදු සංශෝධන නොකළහොත් මාර්තු 01 වැඩවර්ජනයක් - සමිති නායකයෝ රජයට අනතුරු අඟවයි

රජය විසින් පනවා ඇති අසාධාරණ බදු සංශෝධනවලට එරෙහිව (22) දින  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට  ඒකාබද්ධ පිකටිං උද්ඝෝෂණය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පවත්වනු ලැබීය.

මෙම උද්ඝෝෂණයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, විදුලිබල, වරාය, ඛනිජතෙල්, සෞඛ්‍ය වෘත්තීය සමිති, ටෙලිකොම් ඇතුළු සමිති රැසක් නියෝජනය කරමින් මෙම සහභාගී වී සිටි අතර, උද්ඝෝෂකයන් කොටුව දුම්රියපළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වසා ගනිමින් උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙන් පිටකොටුව, කොටුව ඇතුළු මාර්ගවල දැඩි මාර්ග තදබදයක්ද ඇති විය.

මෙම බදු පනත මාර්තු මස පළමුවැනිදාට පෙර සංශෝධනය නොකොළහොත් මාර්තු 01දා දැවැන්ත වැඩවර්ජනයක් කැඳවන බව එයට සහභාගීවූ වෘත්තීය සමිති නායකයින් රජයට අනතුරු ඇඟවීමක් කළේය.

සබැඳි පුවත්