බදුවලට එරෙහිව බැංකු සේවකයින් විරෝධතා පෙත්සමක් අත්සන් කරයි

බදුවලට එරෙහිව බැංකු සේවකයින් විරෝධතා පෙත්සමක් අත්සන් කරයි

අයවැයෙන් සම්මත කරගත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බැංකු සේවකයින් දැඩි බදු බරක් දැරීමට සිදුවන බැවින් එම අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ දිවයින පුරා සියලුම ශාඛාවන්හිදී මෙම විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම අද (10) පෙරවරුවේ සිට සිදුකරන බව ලංකා බැංකු සේවක සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 2022 වර්ෂයේදී වර්තමාන රජය විසින් සම්මත කරගනු ලැබූ 2022 අංක. 45 දරණ ආදායම් බදු පනතට (සංශෝධිත) හා 2023 වසරට අදාලව ඉදිරිපත් කරන ලද අයවැයෙන් සම්මත කරගත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බැංකු සේවක අප සාමාජිකත්වයට දැඩි බදු බරක් දැරීමට සිදුවන වටපිටාවක් නිර්මාණය වී ඇත. එමෙන්ම සාමූහික ගිවිසුම උල්ලංඝණය වන තත්වයක් ද උද්ගත වී ඇත. මෙම තත්වය තුළ ලංකා බැංකු සේවක සංගමය ලෙස විවිධ වූ වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් මෙම තත්වය පරාජය කිරීමට උපක්‍රමිකව කටයුතු කරමින් සිටී.

එහි එක් ක්‍රියාමාර්ගයක් ලෙස රජය විසින් අසාධාරණ ලෙස කම්කරුවන් වෙත පැනවීමට උත්සාහ දරණ මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තීන් වලට විරුද්ධව සියලුම සාමාජිකයින්ගේ අත්සනින් විරෝධතා පෙත්සමක් වගකිවයුතු පාර්ශව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, 2023 ජනවාරි මස 10 වන දින පෙ.ව. 7.00 සිට සියලුම බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ දිවයිනපුරා සියලුම ශාඛාවන්හිදී මෙම විරෝධතා පෙත්සම අත්සන් කිරීම සිදුකෙරේ.