“කළු සතිය“ සමග බැංකු ඉදිරිපිට කළු විරෝධය

“කළු සතිය“ සමග බැංකු ඉදිරිපිට කළු විරෝධය

වර්තමාන රජය විසින් සම්මත කරගනු ලැබූ 2022 අංක. 45 දරණ ආදායම් බදු පනතට (සංශෝධිත) හා 2023 වසරට අදාලව ඉදිරිපත් කරන ලද අයවැයෙන් සම්මත කරගත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාබැංකු සේවක සංගමය විසින් (26) දින සියලූම බැංකු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණි.

ඒ අනුව “කළු සතිය“ සමග දිවයින පුරා ප්‍රධාන නගරවල බැංකු ඉදිරිපිට රජය විසින් අසාධාරණ ලෙස පනවන ලද බද්දට එරෙහිව කළු විරෝධතාවයක් සමගින් පිකට් උද්ඝෝෂණ මාලාවක් සිදුකරන ලදි.