ආනන්ද පාලිත හා සජීව ධම්මික සමිති නායකයින්ට ඇප ලැබෙයි

ආනන්ද පාලිත හා සජීව ධම්මික සමිති නායකයින්ට ඇප ලැබෙයි

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනා  ඇප මත මුදා හැර ඇත.

ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.