රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පා රාජ්‍ය ආයතන රැසක විරෝධතා

රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පා රාජ්‍ය ආයතන රැසක විරෝධතා

රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සේවක සේවිකාවන් විශාල පිරිසක් ඊයේ (ජන. 25) රටපුරා උද්ඝෝෂණයක නිරත වූහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් ද කළු කොඩි ඔසවා විරෝධය පළ කළ අවස්ථාවේ පොලිසිය පැමිණ එම කළු කොඩි ගලවා ඉවත් කිරීමෙන් පසු බැංකු සේවකයන් පොලිසිය වෙතින් එම කොඩි ලබාගෙන ආපසු එම කොඩි එසවූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු වෘත්තීය සමිති රැසක් ප්‍රකාශ කර ඇති ‘කළු සතිය’ යටතේ කළු පටි ගැට ගසා ගෙන තම සේවා ස්ථාන ඉදිරිපිට බදු ප්‍රතිපත්තියට විරුද්ධව උද්ඝෝෂණය කළහ.

ලංකා ඛනිජතෙල් සංස්ථා සේවකයන්, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය, සබරගමුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බදුල්ල ශාඛාවේ සේවකයන්, කොළඹ ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු බදු පනතට විරෝධය දක්වමින් උද්ඝෝෂණයට එක්ව සිටියහ.

මූලාශ්‍රය -මව්බිම