මාර් තු 01 ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ?

මාර් තු 01 ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ?

රජය විසින් පනවා ඇති බදු ප්‍රතිපත්තියට විසඳුම් නොදුනහොත් මාර්තු මස 1 වනදා එක්දින මහා වැඩවර්ජනයක් ප්‍රකාශ කරන බව  වෘත්තීය සමිති එකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.

මේ පිළිබඳව (16) දින වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව තෙල් සංස්ථාවේ, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, අරුණ නිශාන්ත රණවීර මහතාගෙන් “වැඩිබිම“ විමසීමක් කළ අවස්ථාවේ ප්‍රකාශ කළේ, තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු ඇතුළු සියලූම වෘත්තීකයින් මෙම වර්ජනයට එක්වන බවයි.

සබැඳි පුවත්