නව බදුවලට උද්ඝෝෂණ සමග හයිඩ්පිටියේ විරෝධතා රැළියක්

නව බදුවලට උද්ඝෝෂණ සමග හයිඩ්පිටියේ විරෝධතා රැළියක්

රජය විසින් ක්‍රියාත්මක කර ඇති රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික සේකයින්ගේ උපයන විට බදු අයකිරීමට එරෙහිව අද (08) දින වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් රටපුරා විරෝධතා මාලාවක් ආරම්භ කර ඇත.

අද උදෑසන 08.00 සිට හෙට(09) උදෑසන 08 දක්වා පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් රජයේ රෝහල් පද්ධතිය තුළ දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයද අද දින සංඛේත වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙයට අමතරව, සියලුම බැංකු ඉදිරිපිට දහවල් 1.00 සිට 2.00 දක්වා ප්‍රධාන කාර්ලයාලවල පිකටින් උද්ඝෝෂණ සිදුකරන අතර, දින භාගයක වැඩවර්ජනයක් කර සවස 2.00  කොළඹ හයිඩ්පාර්ක් පිටියේ පැවැත්මීට සූදනාම් කර ඇත විරෝධතා රැළියට බස්නාහිර පළාතේ සාමාජිකයින් පැමිණෙන බව ලංකා බැංකු සේවක සංගමය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

මෙයට අමතරව වරාය, විදුලිබල, ජල ඇතුළු රාජ්‍ය ආයතන සාමාජිකයින් දහවල් කොටුවේදී උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට නියමිත බව වාර්තා වේ.

වෛද්‍ය, විශ්වවිද්‍යාල ඇදුරන්, බැංකු,  වරාය, තෙල්, ජලය, විදුලිය සේවකයන් සවස හයිඩ්පාර්ක් පිටියේ පැවැත්වෙන විරෝධතා රැළියට සහභාගිවන බවද නිවේදනය කර ඇත.