උපයන විට බද්දට එරෙහි ඛණිජ තෙල් සේවකයෝ පාරට බසිති

උපයන විට බද්දට එරෙහි ඛණිජ තෙල් සේවකයෝ පාරට බසිති
අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ දිනයේ (25) පැවැත්විනි.
 

එක්වෙමු -පෙළගැසෙමු! අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු! යන මූලික ඵාඨය පෙරදැරිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ඛණිජ තෙල් සේවකයෝ විශාල ප්‍රමාණයක් සහභාගිවී සිටියහ.