අසාධාරණ බදු අයකිරීම නතර නොකොළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - PTUA

අසාධාරණ බදු අයකිරීම නතර නොකොළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - PTUA

රජය මගින් පනවා ඇති අසාධාරණ ලෙස බදු අයකිරීම අත්හිටුවීමට ඉදිරි සතිය තුළ පියවර නොගන්නේ නම් දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (30) දින පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,  (31) දින එනම අද දිනයේදී ජනාධිපතිවරයාට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමුකරන බවයි.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා ප්‍රකාශ කලේ මෙම ලිපියේ පිටපතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතද යැවීමට කටයුතු කරන අතර, වෘත්තීකයින්ගේ මෙම බදු ක්‍රමය ගැන විකල්ප යෝජනා ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිම යෝග්‍ය බවයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී සියලූ වෘත්තීකයින් එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම මාධ්‍ය හමුව සඳහා වෛද්‍ය, බැංකු, වරාය, ටෙලිකොම් හා විදුලිබල ඇතුළු සියළු වෘත්තීකයින්ගේ වෘත්තීය සමිති සහභාගී වී සිටියහ.