තැපැල් ඡන්දය කල් යයි

තැපැල් ඡන්දය කල් යයි

පළාත් පාලන මැතිවරණය සඳහා පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා දීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබානොදීම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.