බදු වලට එරෙහිව තැපෑලත් වර්ජනයක

බදු වලට එරෙහිව තැපෑලත් වර්ජනයක

උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03 ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සියලුම තැපැල් කාර්යාල ආවරණය වන පරිදි මෙම විරෝධය සිදු කරන බවයි. 

එ වගේම අද දහවල් 12 සිට 11 වෙනි දින සවස 04.00 දක්වා මහජන පෙත්සමක් දිවයින පුරා තැපැල් කාර්යාල 653කදී අත්සන් කිරීම අරම්භ කරන බවත් මේ හරහා ජනාධිපතිවරයාට රටේ රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් බරපතල පීඩාවකට ලක්ව සිටින බව අප තහවුරු කරනවා.එවගේම මේ සේවකයින්ට වහාම සහන සලසන්න කියන ඉල්ලිම අපි විසින් සිදු කරනවා.යනුවෙන්ද ඒ මහතා සඳහන් කලේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.