බදුවලට එරෙහිව විරෝධතා ඇරඹේ

බදුවලට එරෙහිව විරෝධතා ඇරඹේ

රජය විසින් සේවකයින් මත පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද(23) විරෝධතා කිහිපයක් ආරම්භ කරන ලදි.

එහිදි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද සිට සතියක් පූරා කළු විරෝධතා සතියක් ආරම්භ කරන ලදි.

මෙයට අමතරව වරාය සේවකයින් අද දින දැවැන්ත විරෝධතාවයක් වරාය පිවිසුම අසල මේ වන කොට ආරම්භ කර ඇත. මේ වන විට වරාය පිවිසුම් දොරටුව අසල මාර්ග සම්පූර්ණයෙන් අවහිරවී ඇත.

මෙයට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර, ලංකා බැංකු සේවක සංගමය අද දින තම විරෝධය පළකරමින් අත්සන් කෙරුණු පෙත්සමක් අද දින ජනාධිපතිවාරයා වෙත ලබාදීමට කටයුතු කරන බව එම සංගමය විසින් නිවේදනය කර තිබුණි.

ඉදිරියේදී මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ප්‍රකාශ කර සිටින අතර, හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතාද මාධ්‍ය වෙත් අදහස් දක්වමින් කියා සිටියේ මෙම බද්ධ වහාම අහෝසි කළ යුතු බවයි.