බදු සංශෝධනවලට එරෙහිව අද සිට කළු විරෝධතා සතියක්

බදු සංශෝධනවලට එරෙහිව අද සිට කළු විරෝධතා සතියක්

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ අදින් ආරම්භ වන විරෝධතා සතිය කළු විරෝධතා සතියක් ලෙස නම් කර තිබෙන බවයි.

සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම රජයේ බදු සංශෝධනවලට විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද මෙම කළු විරෝධතා සතියට එකතුවෙන බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා නිවේදනය කර තිබේ.