බදුවලට එරෙහිව විරෝධතාවලට දහස්ගණනින් (photo)

බදුවලට එරෙහිව විරෝධතාවලට දහස්ගණනින් (photo)

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පා වෘත්තීය කොළඹ සහ පිටපළාත්වල වෘත්තීය විරෝධතා පවත්වනු ලැබීය.

කොටුව දුම්රිය ඉදිරිපිට, ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය ඉදිරිපිට විරෝධතා පවත්වනු ලැබිණි. මෙම විරෝධතාවලට දහස් ගණනින් සහභාගිවී සිටිම විශේෂත්වයක් විය.

කොළඹ කොටුව අවට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදා තිබූ අතර, කොටුවේ පැවැති විරෝධතාවයේදී පොලීසිය හා විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

වෘත්තීයවේදීන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේ දී දැවැන්ත රැළියක් පැවැත්විණි.