රාජ්‍ය සේවයේ සිටින අයට ගුරු සේවයට අයඳුම් කිරීමේ වරම්

රාජ්‍ය සේවයේ සිටින අයට ගුරු සේවයට අයඳුම් කිරීමේ වරම්

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සදහා වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා ඇති අතර,  ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑ ම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, මෙම පියවර ගනු ලැබූයේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩනමින් පිරවීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සඳහා වන අතර එම බඳවා ගැනීමෙන් පසුවත්, ඉතිරි වන හා ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇත.