සෞඛ්‍ය සේවාවේ අර්බුදවලට විසදුම් නැත්නම් වර්ජනවලට යෑම හැර වෙන විකල්ප නෑ

සෞඛ්‍ය සේවාවේ අර්බුදවලට විසදුම් නැත්නම් වර්ජනවලට යෑම හැර වෙන විකල්ප නෑ

රජයේ වෛද්‍ය නිළධාරී සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව ලිපියකට අත්සන් තබමින් සෞඛ්‍ය ලේකම්වරයාට දන්වා සෞඛ්‍ය සේවාවේ අර්බුදවලට විසදුම් නැත්නම් වර්ජනවලට යෑම හැර වෙන විකල්ප නොමැති බව දන්වා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවි කුමුදේස් මහතා පවසා සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, විසඳියහැකි බොහෝ ගැටළු වුවමනාවෙන්ම මග හරිනවා. ඉතිරිකරගත හැකි බොහෝ දේ නාස්ති කරනවා. කාර්‍යමණ්ඩලයට සේවාව පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමට කෙනෙක් නෑ. සත්කාර සේවාව බරපතල ලෙස කඩා වැටිලා. වහාම මැදිහත් වන ලෙසත්, ඒ ඒ අංශ වල ගැටළු පිළිබඳව ලබා දිය හැකි ප්‍රායෝගික විසඳුම් පිළිබඳ වාර්තාවක් අදාල කැඳවන ලෙසත්, පාර්ශවකරුවන් සමග අඛණ්ඩව සාකච්ඡා කර, ප්‍රායෝගික විසඳුම් සෙවීමේ වගකීම අදාල අංශ භාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරුන්ට පවර ලෙසත්ය.